ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමක් චීනයට යොමු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

ජන 29, 2020

    කොරොනා වෛරසය පිළිබඳ අවබෝධය වර්ධනය කර ගැනීම වෙනුවෙන් හැකි ඉක්මණින් ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමක් චීනයට යොමු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    එම සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා බෙයිජිංහිදී චීන නායකයන් හමුවීමෙන් පසු ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම‍ නිවේදනය නිකුත් කළේය.

    චීන වෛද්‍ය කණ්ඩායම් සමග එක්ව කටයුතු කිරීම සඳහා එම ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම යැවීමට දෙපාර්ශ්වය එකඟ වූහ.

    වෛරසය චීනය තුළ හා ගෝලීය වශයෙන් පැතිරයාම වැළැක්වීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛතම කාර්ය බව හෙතෙම පැසීය.

    මෙම වසංගතය පිළිබඳ චීනය ගෙන ඇති බරපතල ක්‍රියාමාර්ග පැසසුමට ලක් කරන බව ද ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

    විශේෂයෙන්ම චීනය වඩාත් විනිවිද භාවයෙන් යුතුව ක්‍රියා කරමින් සිටින බව ද හෙතෙම කියා සිටී.

    ජනතාවගේ සෞඛ්‍ය හා ආරක්ෂාව වෙනුවෙන් චීනය හා සෙසු රටවල් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය අඛණ්ඩව ක්‍රියා කරන බව ද හෙතෙම අවධාරණය කළේය.

    Latest News