පළාත් කිහිපයකට තද වැස්සක්

මැයි 11, 2024
    දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.

    දකුණු පළාතේ වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බව දැනුම් දී තිබෙනවා.
     
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා.
     
    මේ අතර, අද (11) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
     
    උතුරු සහ උතුරුමැද පළාත් සහ ත්රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්රික්ක සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ.
     
    ඒ අනුව ඉහත ප්රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම 'අවධානය යොමු කළ යුතු' මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
     
    එම නිසා ඉහත ප්රදේශවල ජීවත්වන ජනතාවට විමසිලිමත් වන ලෙස ද කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා

    Latest News