ගාසා තීරයේ 35,000ක් දිවි දෙයි

මැයි 15, 2024

    ඊශ්‍රායල යුද ටැංකි දකුණු ගාසා නගරයට ඇතුළු වීමත් සමග පසුගිය සතිය තුළ පලස්තීනුවන් හාර ලක්ෂ 50,000 කට ආසන්න පිරිසක් රෆා දේශ සීමාවෙන් පළා ගොස් ඇති බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

    පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය හෙවත්, අනර්වා සංවිධානය, පවසන්නේ පලා යන සරණාගතයින් කුසගින්නට හා වෙහෙසට මෙන්ම, ජීවිත අවදානමටත් නිරන්තරයෙන් මුහුණ පා සිටින බවයි.

    ලක්ෂ 10 කට ආසන්න ජනතාවක් රැඳී සිටින ගාසා හි නැගෙනහිර ප්‍රදේශයේ ත්‍රස්ත ඉලක්ක වෙත නිරන්තර මෙහෙයුම් සිදු කරන බව, ඊශ්‍රායල හමුදාව පවසනවා.

    මේ අතර, උතුරු ගාසා තීරයේ ක්‍රියාත්මක ඊශ්‍රායල මෙහෙයුම් හේතුවෙන්, තවත් ලක්ෂයකට ආසන්න පිරිසක් අවතැන්ව ඇති බව ද වාර්තා වනවා.

    නව ගැටුම් ආරම්භ වීමට පෙර ඊශ්‍රායල හමුදා, නැගෙනහිර රෆා සහ ජබාලියා ප්‍රදේශවලින් පලස්තීන වැසියන්ට ඉවත්වන ලෙස නියෝග නිකුත් කළ ද මෑත ඇති වූ ගැටුම් හේතුවෙන්, අවතැන් වූවන් සංඛ්‍යාව ලක්ෂ 23 ක් පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    නව ගැටුම් ආරම්භයත් සමග ඉකුත් පැය 24 තුළ 82 දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වනවා. මේ වන විට ගාසා තීරයේ පලස්තීන වැසියන් 35,170 මිය ගොස් ඇති බවයි, බලධාරීන් පවසන්නේ.

    Latest News