චීනයේ බරපතල කුරුළු උණ තත්වයක්

පෙබ 02, 2020

    චීනයේ හුබෙයි ප්‍රාන්තයට අසල්වාසී හූනාන් ප්‍රාන්තයෙන් බරපතල කුරුළු උණ තත්වයක් වාර්තා වී තිබේ. මිනිසුන්ට වැළඳීමේ අවදානමක් ඇති, මේ රෝගය හේතුවෙන් කුකුළන් විශාල සංඛ්‍යාවක් මරා දැමීමට චීන බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    H5N1 යනුවෙන් හඳුන්වන මෙම රෝගයට ගොදුරුවීමෙන් හූනාන් පළාතේ කුකුළන් 4500ක් පමණ මියගොස් තිබේ. ඉන් අනතුරුව චීන බලධාරීන් රෝගයට පැතිරීම පාලනය සඳහා කුකුළන් ඇතුළු කුරුල්ලන් 18,000කට ආසන්න සංඛ්‍යාවක් මරා දමා තිබේ. මීට ආසන්න වෛරස තත්වයක් පසුගිය වසරේ ද චීනයේ වෙනත් ප්‍රාන්තයකින් වාර්තා වී තිබේ. මෙම වෛරසයට ගොදුරුවීමෙන් 2015 වසරේ දී සිචුආන් ප්‍රාන්තයෙන් එක් පුද්ගලයෙක් මියගොස් තිබේ. වාර්තාවන නව කුරුළු උණ රෝගී තත්වය හේතුවෙන් චීන බලධාරීන් දැඩි අවධානයකින් සිටින බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    මෙමම රෝගය ඉන්දියාවෙන්ද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පසුගිය සඳුදා ඉන්දියාවෙන් මෙම රෝගය වාර්තා වී ඇති අතර එම නිසා ආසන්න ප්‍රාන්තවල කුකුළන් හා බිත්තර පසුගිය අගහරුවාදා සිට විනාශ කිරීම ඔරිස්සා ප්‍රාන්ත බලධාරීන් පියවර ගනු ගැනිණ.

    Last modified on ඉරිදා, 02 පෙබරවාරි 2020 17:13

    Latest News