පළගැටියන් නිසා සෝමාලියාවේත් හදිසි තත්වයක්

පෙබ 03, 2020

    පළගැටියන් විශාල ප්‍රමාණයක් රට පුරා පැතිරීම හේතුවෙන් සෝමාලියාවේ ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. අදාළ කෘමීන් විශාල වශයෙන් වගාවන්ට සහ අනෙකුත් ශාකවලට හානි සිදු කිරීම හේතුවෙන්, එරට ආහාර සුරක්ෂිතභාවයට දැඩි තර්ජනයක් එල්ලවී ඇති බවයි, වාර්තා වන්නේ.

    සෝමාලියාවේ අස්වැන්න නෙලීම එළඹෙන අප්‍රේල් මාසයේ දී ආරම්භ වීමට නියමිතයි. ඊට පෙර මෙම තත්වය පාලනය කර ගත නොහැකි වුවහොත් විශාල ගැටලුවක් උද්ගත වන බවයි, එරට බලධාරීන් සඳහන් කරන්නේ. වසර 25ක් තුළ සෝමාලියාවේ සහ ඉතියෝපියාවේ මෙලෙස රංචු වශයෙන් පළගැටි උවදුරක් උද්ගත වී ඇති බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.

    සෝමාලියාවට අසල්වැසි කෙන්යාවේ ද දරුණු ලෙස පළගැටි උවදුරු පැතිර පවතියි. එහෙත්, මෙම උවදුර සම්බන්ධයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ කලාපයේ පළමු රට සෝමාලියාවයි. කෙසේ වෙතත්, සෝමාලියාවේ පවතින ගැටලුකාරී ආරක්ෂක තත්වය හමුවේ, ගුවන් යානා භාවිතයෙන් පළගැටි උවදුර මැඩපැවැත්වීමට කෘමිනාශක ඉසීමට ද බාධා එල්ල වී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

    Last modified on සදුදා, 03 පෙබරවාරි 2020 09:29

    Latest News