ක්‍රිකට් ශූරියෝ මව්බිමට, දිනපු හැටි චමරි කියයි

මැයි 09, 2024

    ‍20 - 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්  අද අලුයම  දිවයිනට පැමිණියා.

    ඔවුන් පිළිගැනීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම, අබුඩාබිහි පැවති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී තරග 4 කට  මුහුණ දුන්නා. එහිදී  තරග 4 ම අපරාජිතව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන්  තරගයේදී තරග වැදුණේ, ස්කොට්ලන්ත කණ්ඩායම සමගයි. එහිදී ‍ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 68 ක ජයක් හිමිකර ගත්තා. එළඹෙන ඔක්තෝබර් මස බංග්ලාදේශයේ පැවැත්වෙන  20 - 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව "A" කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතයි.

    එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන්  මුහුණ දෙන්නේ,  ඔස්ට්‍රේලියාව සමග තරගයකටයි. අද අලුයම කටුනායක ගුවන්තොටුපොළට පැමිණීමෙන් අනතුරුව කණ්ඩායම්  නායිකා චමරි අතපත්තු මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා.

    Latest News