චීනයේ වෛද්‍ය ආරක්ෂක ඇඳුම් නිෂ්පාදනය දිනකට 20,000ක්

පෙබ 03, 2020

    චීනයේ වෛද්‍ය ආරක්ෂක ඇඳුම් නිෂ්පාදන හැකියාව දිනකට විසි දහසක් බව චීන කාර්මික හා තොරතුරුකරණ අමාත්‍යංශයේ ප්‍රකාශක හුවන් ලීබින් මහතා පවසයි.

    ඔහු එසේ පැවසුවේ කොරොනා වෛරස වසංගතය පාලනයට වෛද්‍ය භාණ්ඩ සැපයුම් තත්ත්වය පිළිබඳ පැවති මාධ්‍ය හමුවකදීය.

    එම ‍වෛද්‍ය ආරක්ෂක ඇඳුම් වැඩි වශයෙන් හුබෙයි පළාතට යොමු කර ඇති බව ද ඔහු සඳහන් කර සිටී.

    පසුගිය (1) වනවිට චීනයේ දේශීය ව්‍යාපාර හුබෙයි පළාතට යොමු කළ සමස්ත වෛද්‍ය ආරක්ෂක ඇඳුම් ප්‍රමාණය එක් ලක්ෂ තිස් හය දහසකි.

    එන් - 95 වර්ගයේ මුඛාවරණ සංඛ්‍යාව එක් ලක්ෂ තිස්හතර දහසක් වන අතර, ඇස් ආවරණ කණ්නාඩි එක් ලක්ෂ අසූඅට දහසකි.

    මුඛාවරණ නිෂ්පාදන ව්‍යාපාර වලින් සියයට 60ක් වසන්ත නිවාඩු‍වෙන් පසු නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇත.

    දිනකට මුඛාවරණ කෝටියක් නිෂ්පාදනය කළ හැකියි.

    එහෙත් රෝහල්වල හුදෙකලා වාට්ටු, උණ රෝග චිකිත්සාගාර වැනි පරිශ්‍රවලට යොදා ගන්නා එන් - 95 වර්ගයේ මුඛාවරණවල නිෂ්පාදන ධාරිතාව දිනකට හය ලක්ෂයක් පමණක් බව ද හෙළවේ.

    Latest News