අද සවසට තෙමෙන්න ලෑස්තිද?

මැයි 10, 2024
    අද (10) දිනයේ දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

    කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පෙන්වා දෙනවා.

    මධ්යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකියි.
     
    බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, මන්නාරම, කිලිනොච්චි සහ යාපනය දිස්ත්රික්කවලත් උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි ඇති වෙයි.
     
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්ය පියවරගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනවා.

    Latest News