අමෙරිකාවේ සහය චීනය ප්‍රතික්ෂේප කරයි …

පෙබ 03, 2020

    කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීමට අමෙරිකාව ලබාදුන් සහාය, චීනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

    ඒ, එම වෛරසය පැතිරයාම හමුවේ පොදු සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර, චීනයෙන් පැමිණෙන විදේශිකයන්ට සිය රටට ඇතුළුවීම තහනම් කිරීමට අමෙරිකාව පියවර ගත් පසුබිමකදීය.

    මේ අනුව කඩිනමින් පැතිර යන කොරෝනා වෛරසය මර්දනය කිරීමට ජර්මනිය ඇතුළු ජී - 7 කණ්ඩායමේ රටවල් සූදානම් වෙමින් පවතී.

    මේ අතර, චීනයේ වූහාන් නගරයේ සිටි රටවල් 30ක පුරවැසියන් 250කට වැඩි පිරිසක් ගුවන් මගින් ගෙන්වා ගැනීමට ප්‍රංශය පියවර ගෙන තිබේ.

    ඔවුන් නිරෝධායන ක්‍රියාවලියට ලක් කිරීමෙන් පසු යළි සිය රටවල් බලා පිටත් කෙරෙනු ඇති.

    ඕස්ට්‍රේලියාව ද වූහාන් නගරයේ සිටි සිය පුරවැසියන් 270 දෙනෙකු ගුවන් මගින් ගෙන්වා ගෙන ඇති අතර, ඔවුන් ක්‍රිස්මස් දූපතේ දින 14ක කාලයක් තැබීමට සැළසුම් කර තිබේ.

    Latest News