නාසි නැසූ ජය සැමරේ

මැයි 10, 2024
    රුසියාව දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනිය පරදා ලැබූ ජය සංකේතවත් කරමින් අදාළ සැමරුම් රැළිය මෙවරද උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබුවා.
    ඒ, ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ප්රධානත්වයෙන්.
     
    නවදහසකට අධික හමුදා සහභාගිත්වයකින් පැවති රැලියට රුසියානු හමුදාවේ ශක්තිය පෙන්නුම් කරන අංග රැසක් ඇතුළත් කර තිබුණා.
     
    මේ වසරේ සමරනු ලැබුවේ දෙවැනි ලෝක යුද්ධයේදී නාසි ජර්මනියට එරෙහි ජයග්රහණයේ 79 වැනි සංවත්සරයයි.
     
    මොස්කව් නුවර රතු චතුරශ්රයේ පැවති ජයග්රහණයේ රැලිය අමතමින් රැසියානු ජනාධිපතිවරයා කියා සිටියේ, යුක්රේන යුද්ධය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.
     
    යුක්රේනයට එරෙහිව නව යුද පෙරමුණක් පිහිටුවන බවත්, ඔහු සඳහන් කළා.
     
    එසේම, බටහිර රටවල් අර්බුද ඇති කරමින් සහ ඒවාට සහයෝගය දක්වමින් සිටින බවටත් ජනාධිපති පුටින් මෙහිදී චෝදනා කර සිටියා.
     
    ඔහු පෙන්වා දුන්නේ, රුසියාව මේ වන විට දුෂ්කර සංක්රාන්ති කාලපරිච්ජේචයක් පසු කරමින් සිටින බවයි.
     
    මවුබිමේ ඉරණම සහ එහි අනාගතය රටේ එක් එක් පුද්ගලයා මත රඳා පවතින බවත්, ඊට අයත් සියලු දෙනා සහ ඉදිරි පෙළේ සිටින භටයන් සියලු දෙනා වීරයන් බවත් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කළා.
     
    ජනාධිපති ව්ලැදිමිර් පුටින් වැඩිදුරටත් අවධාරණය කළේ, ඔවුන්ගේ නොපසුබට උත්සහයට සහ ආත්ම පරිත්යාගයට හා කැපවීමට රටක් ලෙස සියලු දෙනා හිසනමා ආචාර කරන බවයි.

    Latest News