ඇමරිකානු සිනමා නළු ටොම් හෑන්ක්ස්ට හා බිරිදටත් කොරෝනා

මාර් 12, 2020
    ලොව ජනප්‍රිය මෙන්ම ඔස්කාර් සම්මානලාභි හොලිවුඩ් නළුවෙක් වන ටොම් හෑන්ක්‌ස් සහ ඔහුගේ බිරිඳ රීටා විල්සන්, නව කොරෝනා වෛරසයට ගොදුරුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
    නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ තමන් මේ වන විට නිරෝධානය කටයුතු වලට ලක්ව සිටින බවයි.
    63 හැවිරිදි හෑන්ක්ස් සහ බිරිදට සෙම්ප්‍රතිශ්‍යාව පිළිබඳ රෝග ලක්ෂණ අත්විඳීමෙන් පසු වෛද්‍ය උපදෙස් ලබා ගත් බව නළුවා ඉන්ස්ටග්‍රෑම්හි ලියා තිබේ. ඔවුන් ඕස්ට්‍රේලියාවේ රැදී සිට ඇත්තේ එල්විස් ප්‍රෙස්ලිගේ ජීවිතය පිළිබඳ චිත්‍රපටයක් දායක වෙමින් සිටිය දී ය. 
    ඕස්ට්‍රේලියාවේ මේ වන විට නව කොරෝනා වෛරසය ආසාධිතවූ පුද්ගලයින් 130 දෙනෙක් වාර්තා වේ.
    Last modified on බ්‍රහස්පතින්දා, 12 මාර්තු 2020 10:45

    Latest News