අමෙරිකාව හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි

මාර් 14, 2020

    කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය පිටුදැකීමේ ප්‍රයන්තය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියා කළේය.

    ඒ ඊයේ (13දා) සවස විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

    මෙම ජාතික හදිසි අවස්ථාව වෙනුවෙන් ඇමෙරිකාවේ සියලුම ප්‍රාන්ත සම්බන්ධ වන අතර, මෙම ක්‍රියාව ඇ.ඩො.බිලියන 50ක් දක්වා වූ ප්‍රවේශයක් බවද ඇමෙරිකානු නායකයා සඳහන් කළේය.

    මෙම වෛරස ආසාදනයට එරෙහි ඒකාබද්ධ සටනේදී සියලු ප්‍රාන්ත සහ කලාප මෙන්ම නගර සඳහා මෙය විශාල මුදලක් බවද ඔහු පවසා සිටියේය.

    ජනාධිපතිවරයා හදිසි අවස්ථාව ප්‍රකාශයට පත්කරමින් ස්ටැෆර්ඩ් පනත ක්‍රියාත්මක කිරීමටද කටයුතු කර තිබේ.

    ස්ටැෆර්ඩ් පනත යනු අතිරේක ෆෙඩරල් අරමුදල් නිදහස් කර අරමුදල් වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසන පනතකි.

    එමෙන්ම හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන වහාම පිහිටුවන ලෙස ට්‍රම්ප් සියලුම ප්‍රාන්තවලින් ඉල්ලා සිටියේය.

     

    Latest News