නිවෙස්වලට සීමා වූ ජීවිතයෙන් විනෝදය සොයන චීන ජාතිකයන්

මාර් 13, 2020

    කොරොනා හේතුවෙන් නිවෙස්වලට සීමා වූ චීන ජාතිකයින් විනෝදාස්වාදය සඳහා කරන ක්‍රියාකාරකම්, සමාජ ජාල ඔස්සේ සෙසු අය සමග බෙදා ගන්නා බව වාර්තා වෙනවා.

    පසුගිය ජනවාරි මාසය අවසානයේ සිට ආරම්භ වූ සාම්ප්‍රදායික චීන අලුත් අවුරුදු සමයේ සිට කොරොනා වෛරසය සීග්‍රරයෙන් පැතිර ගොස් තිබෙන බැවින් චීන ජාතිකයන් චාරිත්‍රානුකූල ව මෙවර අලුත් අවුරද්ද ගත ‍කළේ නැහැ. අලුත් අවුරුදු සමයේ සිට මේ දක්වා කොරොනා වෛරසය වැඩිදුරටත් ව්‍යාප්ත වීමට ඉඩ නොදෙන්නැයි රජය කළ ඉල්ලීමකට සහය දෙමින් සමස්ත චීන ජනතාව එළියට නොබැස තම තමන්ගේ නිවෙස්වල රැඳී සිටිනවා. කොරොනා බියෙන් නොව පෙර සේම චීන ජාතිකයන් හැකි තරමින් නිවෙස්වලට සීමා වී ඇති ජීවිතයට හිතට හා ගතට විවිධ විනෝද හා සැහැල්ලු දෑ එක් කිරීමට උත්සාහ දරනවා. ඔවුන්ගෙන් සමහරු සමාජ ජාල ඔස්සේ තමන්ගේ සුවිශේෂ අත්දැකීම් සෙසු අය සමග බෙදා ගෙන තිබෙනවා.

    Hu Bei පළාතේ Xiang Yang නගරයේ වෙසෙන Zhang මහත්මිය සතියක් පුරා තම නිවසේ හුදකලාවේ සිට කොමඩු ඇට 807කින් චිත්‍ර දහයකට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර තිබෙනවා.

    chinasune--01.jpg

    chinasune--02.jpg

    chinasune--03.jpg

    Shan Dong පළාතේ Qing Dao නුවර අන්තර්ජාල භාවිත කරන්නෙක් කොමඩු ඇටවලින් සකස් කළ Micky Mouse රූපය කෙතරම් අපූරු ද යත් විදෙස් මාධ්‍ය අවධානයට පවා ලක් වී තිබෙනවා.
    chinasune--04.jpg

    Liao Ning පළාතේ Da Lian නගරයේ වෙසෙන ක්‍රීඩා ගුරුවරුන් යුවළක් තම නිවසේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරත වන වීඩියෝවක් අන්තර්ජාලයට දමා දින 4ක් අතුළත එම වීඩියෝව 6 කෝටි වතාවක් නරඹා තිබෙනවා. 

    chinasune--05.jpg

    චීනයේ සුප්‍රකට Qing Hua විශ්වවිද්‍යල‍යේ ආචාර්ය උපාධිධාරී Li මහතා තම සුරතල් පූසාට ගණිතය කියා දෙමින් නිවසේ කොටු වන ජීවිතය සරු කළ අයුරු සමාජ ජාලයේ විනෝදකාමී දසුනක් බවට ද පත් ව තිබෙනවා.

     chinasune--06.jpg

    වෛද්‍ය සේවකයන්, නිවැසි ප්‍රජා සේවකයන්, පොලිස් භටයන් සහ විවිධ රැකියා ක්ෂේත්‍රවල නම්ගම් හෙළි නොවූ වීරයන්ගේ කැපවීම් හේතුවෙන් කොරොනා වසංගතයට ගොදුරු වුව ද චීන සමාජ පටිපාටිය විධිමත් ව පවතිනවා. චීන ජාතිකයන්ගේ මෙවන් ක්‍රියා කලාපයන්ගෙන් අපට පැහැදිලි පණිවිඩයක් ලැබී තිබෙනවා. කෙතරම් දුෂ්කර තත්වයකට මුහුණ දී සිටියත් චීන ජනතාවට රට ගැනත් ජීවිතය ගැනත් විශ්වාසයක් තිබෙන බවත් කොරොනා වෛරසයට වුව ද ජීවිතයට ආදරය කරන චීන ජනතාව පරාජය කළ නොහැකි බවත් එම පණිවිඩයේ සඳහන් වෙනවා.

    Latest News