ජැක් මා යුරෝපයට මුහුණු ආවරණ මිලියන 2ක් පරිත්‍යාග කරයි

මාර් 15, 2020

    චීනයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ අලිබබා ඊ - වාණිජ්‍ය වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජැක් මා විසින් කොවිඩ් -19 වෛරසයෙන් බැටකන යුරෝපය පුරා බෙදාහැරීම සඳහා ආරක්ෂිත මුහුණු ආවරණ මිලියන දෙකක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දී තිබේ.

    ඒ අනුව එහි පළමු වැනි තොගය බෙල්ජියම වෙත පැමිණි බව විදෙස් වර්තා පෙන්වා දෙයි.

    මෙම තොගය ඉතාලියට යවන බව අලිබබා සහ ජැක් මා පදනම්වල ඒකාබද්ධ ප්‍රකාශයක් බව බෙල්ජියම් කලාපයේ වොලෝනියා සහ ලීජ් ගුවන් තොටුපල පවසයි.

    ඊ - වාණිජ්‍යය නැව්ගත කිරීම සඳහා අලිබබාහි ප්‍රධාන යුරෝපීය කේන්ද්‍රස්ථානය බවට පත්වීමට නියමිත ගුවන් තොටුපළට ඉදිරි දිනවලදී තවත් භාණ්ඩ තොග පැමිණෙනු ඇති බවද පැවසේ.

    සෞඛ්‍ය අර්බුදයට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව පසක් කරන ජැක් මා, එක්සත් ජනපදයට නව කොරෝනා වෛරස පරීක්ෂණ කට්ටල 500,000ක් සහ මුහුණු ආවරණ මිලියනයක් පරිත්‍යාග කරන බවද පවසා තිබේ.

    Latest News