අමෙරිකාව, ස්පාඤ්ඤය, ප්‍රංශය යන රටවලට හදිසි තත්වයක්

මාර් 15, 2020

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, කොරෝනා ආසාදනය වී නොමැති බව, වෛද්‍ය පරීක්‍ෂණවලින් අද තහවුරු වී තිබේ.

    කොරෝනා වෛරස් ආසාදනයට ලක් වූ ප්‍රධානීන් කිහිප දෙනෙකු සමඟ සාකච්ජා පැවැත්වීම නිසා, ජනාධිපතිවරයා එම ආසාදනයට ලක්වීමේ අවදානමක් පැවති බව ධවල මන්දිරය පවසයි.

    අමෙරිකාව, ස්පාඤ්ඤය, ප්‍රංශය යන රටවලට ඊයේ සිට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරිණ. මේ අතර, වොෂිංටන් නුවර ධවල මන්දිරයට පැමිණි මාධ්‍යවේදීන්ගේත් ශරීර උෂ්ණත්වය මැන බැලීමට අමෙරිකානු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක නිලධාරීන් ඊයේ දිනයේ සිට පියවර ගත්තේය. අමෙරිකාවේ මේ වනවිට 2,977 ක්. 

    වෛරසය ආසාදනය වී සිටින අතර, 60 දෙනෙකු මියගොස් තිබේ. අමෙරිකාව කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු ලබාදීමට නව වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට සූදානම් වේ. කෙසේ වෙතත්, වෙබ් අඩවිය ක්‍රියාත්මක කිරීමට කාලරාමුවක් පිළිබඳව ගූගල් සමාගම තොරතුරු අනාවරණය කර නොමැත. තවද ආසාදිතයන් 100ක් වාර්තා වූ ඉන්දියාවේ ද මේ වනවිට ව්‍යසන අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට එරට රජය පියවර ගෙන ඇත.

    ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සෙනසුරාදා කළ නිවේදනයකට අනුව, වසංගතයට එරෙහිව සටන් කිරීමට රාජ්‍ය ආපදා ප්‍රතිචාර අරමුදල භාවිත කිරීමට සූදානමින් සිටී. ඉන්දියාවෙන් මෙතෙක් වාර්තාවූ මරණ සංඛ්‍යාව 02ක්.

    මිලියන 12ක ජනතාවක් වෙසෙන පිලිපීනයේ මැනිලා නුවර මාසයක කාලයක් සඳහා මුළුමනින්ම වසා දැමීමට එරට ජනාධිපති රැද්‍රිගෝ ඩුටරේට් තීරණය කර තිබේ. ඒ එරට කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව 111ක් දක්වා ඉහළ යාම සහ මරණ 08ක් වාර්තා වීමත් සමඟයි.

    Corona px 900 15 03 20

    ලොව පුරා රටවල් හා රාජ්‍යයන් 152ක ව්‍යාප්තව පවතින කෙරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත සංඛ්‍යාව මේ වනවිට 156,738ක්. මරණ සංඛ්‍යාව 5,900කට ආසන්නයි. 75,934ක් මේ වනවිට සුවය ලබා තිබේ.

    චීනයෙන් පමණක් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 80,844ක් වන අතර, ඉන් 3,199ක් මරණය පත්වූහ.

    ඉතාලියෙන් මේ වනවිට ආසාදිතයන් 21,157ක් වාර්තා වන අතර, 1,441ක් මරණයට පත්වී තිබේ.

    ඉතාලියට පසුව වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වූ අනෙක් යුරෝපා රට ස්පාඤ්ඤයයි. ඊයේ දිනයේ දී පමණක් මරණ 84 සිට 121ක් දක්වා 50%ක වැඩිවීමක් ස්පාඤ්ඤයේ දක්නට ලැබිණ.

    ප්‍රංශයෙන් ආසාදිතයන් 4,469ක් වාර්තා වන අතර, මියගිය සංඛ්‍යාව 91ක්.

    දකුණු කොරියාවෙන් ඉකුත් පැය 24 දී කොරෝනා ආසාදිතයන් 76ක් වාර්තා වීමත් සමඟ එරට ආසාදිතයන් සංඛ්‍යාව 8,162ක් බවට පත්වූහ. මරණ සංඛ්‍යාව 75ක්.

    මේ අතර නවසීලන්තයට ඇතුළු වන සියලු දෙනා දින 14ක නිරෝධායන කාලයක් අනිවාර්ය කර ඇති බව ද එරට රජය නිවේදනය කරයි.

    ගෝලීය වසංගතයට ප්‍රතිචාර දක්වමින් අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයත් උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැයි වාර්තාවේ. ඒ අනුව සිය සාමාජිකයින්ට නිරතුරුවම අත් සෝදන ලෙස හා දෙවියන් කෙරෙහි විශ්වාසය තබන ලෙස උපදෙස් දී ඇති අතර, සංචාරක තහනමක් ද පනවා තිබේ.

    Latest News