චීන විදේශ වෙළඳ ව්‍යවසායන් නැවත නිෂ්පාදන අරඹයි

මාර් 13, 2020

    චීන විදේශ වෙළඳ ව්‍යවසායන් නිෂ්පාදන නැවත ආරම්භ කිරීමේ අනුපාතය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙන බව චීන වාණිජ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

    චීන වාණිජ අමාත්‍යංශයේ විදේශ වෙළඳ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ Li Yi qian මහතා මේ බව පැවසීය.

    ගෝලීය වසංගත තත්වය වැළැක්වීම සඳහා අපනයන ව්‍යවසායන්ට නිසි දායකත්වයක් ලබා දීමට වාණිජ අමාත්‍යංශය සහාය වනු ඇති බව හෙතෙම එහිදී සඳහන් කළේය.

    වාණිජ අමාත්‍යංශය, විවිධ ප්‍රදේශ හා ආයතන සමඟ එක්ව, විදේශ වෙළඳ ව්‍යවසායන්ගේ නිෂ්පාදන නැවත ආරම්භ කිරීමට සහාය වීම සඳහා විදේශ වෙළඳ ප්‍රතිපත්ති අඛණ්ඩව ප්‍රකාශයට පත් කර තිබේ.

    මේ වනවිට ප්‍රතිපත්තිමය බලපෑම ක්‍රමයෙන් මතුවී ඇති අතර විවිධ ප්‍රදේශවල ව්‍යවසායන් නිෂ්පාදන නැවත ආරම්භ කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරමින් නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවමින් පවතින බව Li Yi qian මහතා පෙන්වා දුන්නේය.

    ගෝලීය වසංගත වැළැක්වීමේ කාර්යභාර ඉටු කිරීම සඳහා අපනයන ව්‍යවසායන් මුඛ ආවරණ වැනි වෛද්‍ය සැපයුම් භාණ්ඩ විදේශ රටවලට ලබා දීමට වාණිජ අමාත්‍යංශය අඛණ්ඩව අනුබල දෙන බව ද හෙතෙම පැවසීය.

    Latest News