ඉන්දියාවද ව්‍යසන අවස්ථාවක් බව ප්‍රකාශ කරයි

මාර් 15, 2020

    කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය දිගින් දිගටම ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ඉන්දීය රජය රට තුළ දැනුම්වත් ව්‍යසන අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබේ.

    එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සෙනසුරාදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මේ සමග වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා රාජ්‍ය ආපදා ප්‍රතිචාර අරමුදල භාවිත කිරීමට මේ සමග ඉඩ සැලසෙන බවයි.

    ඉන්දියාව තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයන් 82ක් සහ මරණ දෙකක් වාර්තා වී තිබේ.

    Latest News