“කොරෝනා“ කේන්ද්‍රස්ථානය යුරෝපයයි; ලෝක සෞඛ්‍ය සංවිධානය

මාර් 14, 2020

    ලොව පුරා දරුණු ලෙස ව්‍යාප්ත වන කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය බවට යුරෝපය පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි.

    කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ අමෙරිකාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.

    මේ අතර කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් එංගලන්තයේ මැයි 7 වැනි දිනට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල්දමා ඇත.

    ලෝකයේ රටවල් 120කට ආසන්න භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවතින නව කොරෝනා වෛරස් වසංගතය අද (14) වනවිට සිදුව ඇති මරණ ගණන 5000ක් ඉක්මවයි.

    වෛරසය ආසාදිත සමස්ත ගණන එක්ලක්ෂ තිස්දහස ඉක්මවන අතර අතර සුවය ලැබූ පිරිස හැට අටදහසකට අධිකයි.

    පසුගිය වසරේ දෙසැම්බර් මස ආරම්භ වී ගත වූ මාස කිහිපය පුරාවට වෛරස ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමට ලක්වූ චීනයේ මේ වනවිට රෝගය පාලනය වී තිබේ.

    චීනයේ වසංගතයේ උච්චතම අවස්ථාවේ වාර්තා වූවාට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් දැන් දිනකට ලෝකයේ වාර්තා වේ.

    Last modified on සෙනසුරාදා, 14 මාර්තු 2020 16:57

    Latest News