බ්‍රසීල ජනපතිට කොරෝනා ආසාදනය වී නෑ

මාර් 14, 2020

    බ්‍රසීල ජනාධිපතිවරයාට "කොවිඩ් 19" වෛරසය ආසාදනය වී නොමැති බව, ඔහු ප්‍රකාශ කරයි. කොරෝනා රෝගය පිළිබඳ කළ පරීක්ෂණ වාර්තාවක් තුළින් ඔහු හට රෝගය වැළඳී නැති බව සනාථ වී තිබේ. ජනාධිපතිවරයා චෝදනා කරන්නේ මාධ්‍ය අසත්‍ය තොරතුරු ගෙන ගිය බවයි.

    බ්‍රසිල ජනාධිපති හා ඔහුගේ සන්නිවේදන ලේකම් අමෙරිකාවේ සංචාරකයින් අනතුරුව, සන්නිවේදන ලේකම් ෆේබියෙන් වජ්ගාර්ටන් හට රෝගය වැළඳී ඇති බව, සනාථ විය. ඔවුන්, අමෙරිකාවේ කළ සංචාරය අතරතුර, ජනාධිපති ඩොනල් ට්‍රම්ප් හමුවී සාකච්ජා කර තිබිණ. මෙම හමුවීම පිළිබඳ පසුව විවිධ මාධ්‍යය ඔස්සේ ජනාධිපති ට්‍රම්ප් හා බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ පිළිබඳ විවිධ මත පළ කළේය.

    ලේකම්වරයා හට රෝගය වැළඳී ඇති බව දැනගැනීමෙන් පසු ජනාධිපතිවරුන් දෙදෙනාට ද රෝගය වැලදීමේ අවධානම පිළිබඳ විවිධ මත ප්‍රචාරණය වී තිබේ. කෙසේ හෝ බ්‍රසීල ජනාධිපති තම සමාජ ජාලා ගිණුම් ඔස්සේ තමන් කොරෝනා රෝගියෙකු නොවන බව ප්‍රකාශ කර තිබෙන අතර, කටකතා පිළිබඳ සිය කණගාටුව ප්‍රකාශ කර සිටියි.

    Last modified on සෙනසුරාදා, 14 මාර්තු 2020 12:45

    Latest News