ට්‍රම්ප්ට කොරෝනා නැති බවට තහවුරුවේ

මාර් 15, 2020

    තමන් කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරස් පරීක්ෂණයට මුහුණදුන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    පසුගිය සිකුරාදා පුවත්පත් සාකච්ඡාවෙන් අනතුරුව තමන් එම පරීක්ෂණයට යොමුවූ බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

    කෙසේ වෙතත්, එහි ප්‍රතිඵලය තමන් තවමත් නොදන්නා බවත්, ඒ සඳහා සාමාන්‍යයෙන් දින 1ක් හෝ 2ක් ගතවනු ඇති බව ද ඔහු සඳහන් කර ඇත.

    ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවට පැමිණීමට පෙර තමන්ට උණ තත්ත්වයක් පැවති බවත්, කෙසේ වෙතත් එය සාමාන්‍ය තත්ත්වයක් බව පසුව තහවුරු වූ බවත්, ට්‍රම්ප් පවසා තිබේ.

    කෙසේ වෙතත් පසුගියදා එක්සත් ජනපදයේ සංචාරය කළ බ්‍රසීල ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයාට නව කොරෝනා වෛරසය ආසාධනය වී තිබූ අතර, ඔහු එම සංචාරයේදී ට්‍රම්ප් අසලම සිටින ආකාරය දැකිය හැකි විය.

    Latest News