එවරස්ට් කඳු තරණයත් නවතියි

මාර් 13, 2020

    කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ඉදිරි ගවේෂණ සමය සඳහා එවරස්ට් කන්ද වසා දැමීමට ‌නේපාල බලධාරීන් තීරණය කර තිබේ.

    ඒ අනුව මාර්තු 14 සිට අප්‍රේල් 30 දක්වා සියලුම කඳු නැගීමේ බලපත්‍ර අවලංගු කෙරෙනු ඇත.

    2020 වර්ෂය සඳහා නිකුත් කර ඇති බලපත්‍ර සහ නිකුත් කිරීමට ඇති බලපත්‍ර ද අවලංගු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලේකම් නාරායන් ප්‍රසාද් බිදාරි මහතා පැවසීය.

    බොහෝ කඳු නගින්නන් අමෙරිකාව, ඉන්දියාව, චීනය, බ්‍රිතාන්‍ය, ජපානය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන අතර, එය නේපාල රජයට ප්‍රධාන ආදායම් ලැබෙන මාර්ගයකි.

    නේපාලයේ කොරෝනා වෛරස රෝගීන් 70 කට වැඩි සංඛ්‍යාවක් සිටින බව වාර්තා වී තිබේ. සමූහ රැස්වීම්, විවාහ හා පොදු උත්සව වලින් වළකින්නැයි නේපාල රජය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත.

    Latest News