කොරෝනා අත්දැකීම් සහිත චීනයේ විශේෂ කණ්ඩායමක් අද ඉතාලියට

මාර් 14, 2020

    වසංගත පාලනය හා වැළැක්වීම පිළිබඳ චීනයේ අත්දැකීම් සමග නව කොරෝනා වෛරස රෝගයට එරෙහිව සටන් කිරීමට චීනයේ විශේෂ කණ්ඩායමක් අද ඉතාලියට ළගා විය. මේ වනවිට ඉතාලියේ ආසාදිතයන් 12,000ක් හා මරණ 1,000කට වැඩි පිරිසක් වාර්තා වී තිබේ.

    මේ වන විට සියලු රටවල් තුළ හමුවී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව එක්ලක්ෂ හතළිස් පන් දහස් නවසිය අනූ පහක් වන අතර, මරණ සංඛ්‍යාව 5,436ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා රෝගය ආසාදනය වී ඇති රටවල් අතරින් ඉහළ අවදානමක පවතින ඉතාලිය පසුගිය අඟහරුවාදා විදේශ සම්බන්ධව අත්හිටුවා තිබේ.

    මෙම අවදානම් තත්වයට ලබාදෙන සහයෝගයක් ලෙස චීනයේ 9 දෙනෙකුගෙන් යුතු විශේෂ කණ්ඩායමක් මෙලෙස ඉතාලියට පැමිණ තිබේ. වෛද්‍ය උපකරණ හා රෝගය පාලනය කිරීමට අවශ්‍ය ආධාර ඇතුළත් ටොන් 31ක භාණ්ඩ මෙලෙස ඉතාලියට චීනය විසින් ලබා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on සෙනසුරාදා, 14 මාර්තු 2020 12:10

    Latest News