ට්‍රම්ප්ගේ යුද බලතල සංශෝධන යෝජනාව සම්මත වෙයි

මාර් 12, 2020

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇති යුද බලතල සංශෝධනය සම්බන්ධ යෝජනාව එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මගින් සම්මත කර තිබේ. කොංග්‍රස් අනුමැතියෙන් තොරව ඉරානයට එරෙහිව යුද ක්‍රියාමාර්ග ගැනීමේ දී ජනාධිපතිවරයා සතු අධිකාරිය බිඳ දැමීම මෙහි අරමුණයි.

    වර්ජිනියා ඩිමොක්‍රටික් පාක්ෂික හා සෙනෙට් සභික ටිම් කයින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. ඉරානයේ කාසිම් සොලයිමානි ඝාතනය කිරීමට ජනාධිපති ට්‍රම්ප් ගත් තීරණයෙන් අනතුරුවයි, ටිම් කයිම් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත්තේ. එය සෙනෙට් සභාව මගින් ඉකුත් මාසයේ සම්මත් කර ගැනුණු අතර ඒ සඳහා ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ දෙකෙහිම නියෝජිතයන්ගේ ඡන්දය හිමි වී තිබේ.

    මේ සඳහා ජනාධිපති ට්‍රම්ප්ගෙන් එල්ල වී ඇත්තේ දැඩි විරෝධයක්. ඡන්ද 227ට 186ක් ලෙස නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මෙය සම්මත කරගෙන ඇති අතර ඊට තෝමස් මාසි, මෝගන් ග්ර්ෆිත්, ෆ්රෙඩ් අප්ටන් සහ ටොම් රීඩ් ඇතුළු රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ ද අනුමැතිය හිමිවීම විශේෂත්වයක්. සම්මත කරගත් මෙම යෝජනාව ධවල මන්දිරය වෙත යැවීමට නියමිත අතර එහිදී ජනාධිපති ට්‍රම්ප් එය නිෂේද කරනු ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 මාර්තු 2020 09:43

    Latest News