චිලී විරෝධතා යළි උත්සන්න වෙයි

මාර් 12, 2020

    චිලී රාජ්‍යයේ විරෝධතා නැවතත් උත්සන්න වී තිබේ. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය වී වසර 30ක් සපිරෙන මොහොතක නැවතත් විරෝධතා ඇතිවී ඇති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම් උග්‍ර වී තිබේ. ඒ හේතුවෙන් පොලීසිය විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර දියත්කළ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ උත්සවයක දී එරට ජනාධිපති සෙබස්තියන් පිනෙරා කියා සිටියේ, පසුගිය දශක තුනේ මෙන්ම ඉකුත් මාස පහේ සිදුවීම් තුළින් පාඩම් ඉගෙන ගත යුතු බවයි. එහෙත් ඔහුගේ පණිවුඩයන්ගෙන් නොනැවතී විරෝධතාකරුවන් තවදුරටත් සැන්ටියාගෝ වීදිවල විරෝධතාවේ නිරත වෙයි.

    ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීම ඇතුළු හේතු කිහිපයක් පාදක කර ගනිමින් චිලී රාජ්‍ය තුළ විරෝධතා හට ගැනිණ. ඉකුත් දෙසැම්බර් 23 වැනි දින ජනාධිපති පිනෙරා නව ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට ද අනුමැතිය ලබා දුන්නේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 මාර්තු 2020 09:51

    Latest News