අවුන් සාන් සූ කී සහ අනෙකුත් දේශපාලන නායකයන් අද(01) උදෑසන අත්අඩංගුවට ගැනීමෙන් පසු මියන්මාරයේ හමුදාව රටේ පාලනය අත්පත්කර ඇති බව තහවුරු කර තිබේ.

දේශගුණික වෙනස්කම් වලින් වාර්තා වන දැවැන්තම සිදුවීම වන්නේ ඇන්ටාටිකාවේ සිට බිඳී ආ ලොව විශාලතම අයිස් පර්වතය වූ ඒ-28-ඒ අයිස් පර්වතය තවත් කුඩා කොටස් කිහිපයකටම කැඩී යාමයි.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරිමට නම් ජනතාව තවදුරටත් වගකීමෙන් කටයුතු කළ යුතු බව ප්‍රංශ අගමැති ජීන් කැස්ටෙක්ස් සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා නිව්යෝර්ක් නගරයේදී නව කොරොනා වෛරසයට එරෙහි එන්නතක් ලබා ගනී.

චීන ජාතික සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්තවලට අනුව 2020 වසරේ සිව්වන කාර්තුව තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 6.5 කින් වැඩි විය.

එම රටවල් පසුගිය 27 සිට දැඩි ක්‍රියා මාර්ග ප්‍රකාශයට පත් ක‍ළ අතර, ඇතැම් රටවල් COVID - 19 එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරයි.

ලබන මැයි මාසයේ පැවැත්වීමට නියමිත අන්තර්ජාතික වශයෙන් ප්‍රකට සිමනා උළෙලක් වන ප්‍රංශයේ Cannes ජාත්‍යන්තර සිනමා උළෙල නව කොරොනා වසංගතය හේතුවෙන් ලබන ජුනි මාසය දක්වා ප්‍රමාද වනු ඇති බව එම සිනමා උළෙලේ සංවිධාන කමිටුව ප්‍රකාශ කරයි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගැනීමට සමාගම් කිහිපයක් සමග යුරෝපා සංගමය අත්සන් තබා තිබේ. ගිවිසුමට ප්‍රකාරව ඇස්ට්‍රාසෙනෙකා සමාගම,යුරෝපා සංගමයට ලබාදිය යුතු එන්නත් ප්‍රමාණය ලබාදීමට අපොහොසත් විය.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් එක්සත් අරාබී එමීර් රාජ්‍යය සහ බ්‍රිතාන්‍යය අතර සෘජු ගුවන් ගමන් සිදු කිරීම, බ්‍රිතාන්‍යය රජය විසින් තාවකාලිකව තහනම් කර තිබේ.

ඇන්ටාටිකාවේ සිට බිඳී ආ ලොව විශාලතම අයිස් පර්වතය වූ ඒ-28-ඒ අයිස් පර්වතය තවත් කුඩා කොටස් කිහිපයකටම කැඩී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට එම‍ කොටස් දකුණු ජෝර්ජියා ආසන්න ප්‍රදේශයට පාවෙමින් එන බවයි, වාර්තා වන්නේ.

ලොව සිදුවන විශාලතම පාරිසරික හා දේශගුණික විපර්යාසවලින් ආරක්ෂාවීම සඳහා ඇති අවසාන හා හොඳම අවස්ථාව මේ වසරේ පැවැත්වෙ එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව බව අමෙරිකානු දේශගුණික නියෝජිත ජෝන් කෙරී පවසයි.

ගෝලීය කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට දසකෝටි විසි ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. මරණ සංඛ්‍යාව අද ලක්ෂ 22 සීමාව ඉක්මවා ගියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය, මධ්‍යම චීනයේ වූහාන් නගරය වෙත යැවූ ජාත්‍යන්තර විශේෂඥයන්ගෙන් සමන්විත කණ්ඩායම අද සිය පර්යේෂණ ආරම්භ කළේය.

ඉන්දියාව නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ් එන්නත බ්‍රිතාන්‍යයෙන් මතුවූ නව කොරෝනා වෛරස ප්‍රභේදයට එරෙහිව සාර්ථකව ක්‍රියා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ධනවත් රටවල් 49ක් කෝ මර්දන එන්නත් මිලියන 39කට වැඩි සංඛ්යාවක් භාවිත කර ඇතත් ඌන සංවර්ධිත රටවලට එවන් එන්නත් ලැබී ඇත්තේ 25ක් පමණක් බව පසුගියදා‍ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom කණස්සල්ලෙන් පවසා ඇත.

ඉන්දියාවේ නවදිල්ලියේ සෑම දෙදෙනෙකුගෙන් එක් අයෙකුටම කෝ වෛරසය ආසාදනය වූ බව හෙළි වේ.

තහවුරු වූ සමස්ත ගෝලීය කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 10 ඉක්මවයි.

කොවිඩ් - 19 රෝගය සාර්ථක ලෙස පාලනය කළ නවසීලන්තයෙන් මාස දෙකකට වැඩි කාලයකට පසු ප්‍රථම රෝගියා වාර්තා වී ඇත.

චීනය හා නවසීලන්තය, නිදහස් වෙ‍ළඳ ගිවිසුම පුළුල් කිරීම පිළිබඳ මූල ලේඛනයට අත්සන් තබයි.

කොරෝනා වෛරසය නිසි ආකාරයෙන් පාලනය නොකළ බවට එල්ල වන චෝදනා නිසා ඉතාලි අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

Latest News