ඉන්දියාවේ එන්නත්කරණය හා වෛද්‍ය පහසුකම් අඩුකමින් ව්‍යසන තත්වයක්

මැයි 23, 2021

    ඉන්දියාවේ එන්නත්කරණ ක්‍රියාවලිය හා වෛද්‍ය පහසුකම් අඩුවීම රට තුළ ව්‍යසන තත්වය තව තවත් උග්‍ර අතට පත්කරන බව, සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    අවුරුදු 18ත්, 44ත් අතර වයස් කාණ්ඩයට එන්නත් ලබාදීම වහාම නතර කරන ලෙස නවදිල්ලි මහ ඇමතිවරයා නියෝග කර ඇත. අඩු එන්නත් ධාරිතාවය ඊට හේතුවයි.

    ඉන්දියාවේ තවදුරටත් පවතින කොවිඩ් අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර කොවැක්ස් එන්නත්කරණ වැඩසටහන සඳහා ද කොවිඩ් එන්නත් මිලියන 140ක පමණ හිඟයක් මතුව තිබේ. කොවැක්ස් වැඩසටහනේ විශාලතම තනි එන්නත් සැපයුම්කරු ලෙස ක්‍රියා කළේ ඉන්දියාවේ සීරම් ආයතනයයි.

    මාර්තු මස එරට අපනයනය අත්හිටුවීමත් සමඟ ආයතනය පෙර සැලසුම් කර තිබූ එකඳු නැව්ගත කිරීමක් හෝ සිදුකර නොමැති බව වාර්තාවේ. මේ තත්වය මත ජුනි අග වනවිට මාත්‍රා හිඟය මිලියන 190 දක්වා වර්ධනය විය හැකි බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    Last modified on ඉරිදා, 23 මැයි 2021 16:51

    Latest News