අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස 2000 වසරේ සිට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරනවා.
මෙවර මහ මැතිවරණයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් ඉහළම මනාප ඡන්ද සංඛ්‍යාව ලබාගනිමින් අමාත්‍යවරයා තේරී පත්වුණා.
මීට පෙර සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ අමාත්‍ය විජිත හේරත් මහතා නැවත තේරීපත්වීමට පෙර විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසද ක්‍රියා කළා.
ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙක්.