නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21දා පාර්ලිමේන්තුවේදී

නොවැ 17, 2024
    දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කිරීම ලබන 21 වැනිදා පෙරවරු 11.30ට සිදු කෙරෙන බව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

    එය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කරනු ඇති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත්, ජනාධිපතිවරයාට බලතල හිමිව තිබෙනවා.

    මෙහිදී සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට සහ ජනතාවට ඉදිරිපත් කරනු ලබනවා.
    මේ අතර, 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ලබන 21 වැනිදා පෙරවරු 10.00ට ආරම්භ කිරීමට නියමිතයි.
    Last modified on ඉරිදා, 17 නොවැම්බර් 2024 17:12

    Latest News