ඉන්දියාව කොරෝනා තෙවැනි රැල්ලකට මුහුණපෑමේ අවදානමක

මැයි 23, 2021

    ඉන්දියාවේ සෞඛ්‍යය සහ රෝහල් පද්ධතිය කඩා වැටීම හා එන්නත්කරණ ක්‍රියාවලිය අඩපණවීම නිසා කෙටිකලක් තුළ එරට තුන්වන කොරෝනා රැල්ලකට ද ගොදුරු වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවයි.

    ඉන්දියාවෙන් සොයාගනු ලැබූ නව වෛරස් ප්‍රභේදය මේ වනවිට අප්‍රිකානු රටවලට ද දැඩි තර්ජනයක් වී ඇති බව වාර්තාවේ. කොවිඩ් වසංගතය හමුවේ ‍හටගෙන ඇති කළු දිලීර රෝගී තත්වය ද ඉන්දියාවේ ගුජරාට් හා තෙලෙන්ගානා ප්‍රාන්තවලට ඇති කර ඇත්තේ දැඩි බලපෑමක්.

    ඉන්දියාවේ කොරෝනා වෛරසයේ භයානක තත්වයක් ලෙස එරට කුඩා දරුවන් විශාල සංඛ්‍යාවකට ද රෝගය ආසාදනයවීම හඳුනාගත හැක. ඉකුත් මාස 5 තුළ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පමණක් ආසාදිත දරුවන් ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

    Last modified on ඉරිදා, 23 මැයි 2021 15:54

    Latest News