කොංගෝ ගිනි කන්දෙන් අනතුරුදායක තත්වයක්....

මැයි 23, 2021

    කොංගෝ රාජ්‍යයේ ගිනි කන්දක් පුපුරා යාමෙන් විසි ලක්‍ෂයකට අධික පිරිසක් සහ නගර 2ක් දැඩි අනතුරුදායක තත්වයකට මුහුණ පා තිබේ.

    ගිනි කන්දෙන් නිකුත් වන ලාවා සහ අළු ආසන්නයේ පිහිටි ගෝමා ගුවන් තොටු‍පලට ද එල්ල කර ඇත්තේ, දැඩි බලපෑමක්. ඊයේ රාත්‍රී ප්‍රබල අයුරින් සක්‍රීය වී ඇත්තේ, නැගෙනහිර කොංගෝ රාජ්‍යයේ පිහිටි නිරංගෝනෝ ගිනි කන්දයි.

    මෙය අප්‍රිකානු මහද්වීපයේ වඩාත්ම සක්‍රීය ගිනි කඳුවලින් එකක් ලෙස සැලකේ. ගිනි කන්දෙන් නිකුත්වන අළු ගෝමා නගරයට පතිත වෙමින් පවතී. එහි ජනයා මේ වනවිට නගරයෙන් ඉවත් කෙරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ගිනිකන්ද අවට කලාපය සඳහා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරිණ.

    ගිනි කන්දෙන් නිකුත් වන ලාවා අසල්වැසි රුවන්ඩා රාජ්‍යය දෙසට ද ගලා යමින් පවතින බව වාර්තාවේ.

    Latest News