ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ, අද උදේ බදුල්ල පොලීසියට බාරවීමෙන් අනතුරුවයි.
පසුගිය 11 වැනිදා බදුල්ල නගරයේ නීති විරෝධී පෙළපාලියක් පවත්වා අත් පත්‍රිකා බෙදීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.
එහිදී ජනතාවගෙන් ලැබුණු පැමිණිලි අනුව මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානය සහ බදුල්ල පොලීසිය එක්ව පෙළපාලිය විසුරු හැරීමට ක්‍රියා කළා.
එහිදී පොලීසිය සහ හිටපු අමාත්‍යවරයා අතර උණුසුම් සංවාදයක්ද ඇති වුණා.
අත්අඩංගුවට ගැනුණු හරීන් ප්‍රනාන්දු මහතා, බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්‍ෂ 5 ක ශරීර ඇපයක් මත නිදහස් කෙරුණා.
ලබන වසරේ මාර්තු 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි, මහේස්ත්‍රාත් නජිත් ද සිල්වා මහතා මෙහිදී නියෝග කළේ.