අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම ආරම්භ කළා.
ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය පහතින් දැක්වේ.
- අනුර කුමාර දිසානායක - ආරක්ෂක, මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය, ඩිජිටල් ආර්ථික අමාත්‍ය
- ආචාර්ය හරිනි අමරසූරිය - අග්‍රාමාත්‍ය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය
- මහාචාර්ය චන්දන අබයරත්න - රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
- විජිත හේරත් - විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය
- නීතිඥ හර්ෂණ නානායක්කාර - අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
- සරෝජා සාවිත්‍රි පෝල්රාජ් - කාන්තා සහ ළමා කටයුතු
- කේ ඩී ලාල් කාන්ත - කෘෂි කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග
- අනුර කරුණාතිලක - නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
- රාමලිංගම් චන්ද්‍රසේකර් - ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
- මහාචාර්ය උපාලි පන්නිලගේ - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය
- සුනිල් හඳුන්නෙත්ති - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
- ආනන්ද විජේපාල - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
- බිමල් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
- මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
- වෛද්‍ය නලින්ද ජයතිස්ස - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
- සමන්ත විද්‍යාරත්න - වැවිළි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
- සුනිල් කුමාර ගමගේ - තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
- වසන්ත සමරසිංහ - වෙළෙඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
- මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
- මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - කම්කරු අමාත්‍ය
- ඉංජිනේරු කුමාර ජයකොඩි - බලශක්ති අමාත්‍ය
- වෛද්‍ය දම්මික පටබැඳි - පරිසර අමාත්‍ය