ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන තිබෙන සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබම්න් සඳහන් කර ඇත.

පුරාණ රෝම නගරයක් වන පොම්පෙයි හි සිදු කරන ලද කැණීමකින් අශ්ව රථයක නටබුන් අනාවරණය කර ගෙන තිබේ. ඉතාලි පුරා විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කළ කැණීමක දී මෙම නටබුන් සොයා ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ්, අද සිට දින 7ක කාලයක් සඳහා නැවත වසා දමා තිබේ.

අමෙරිකාව, ජෝන්සන් ඇන්ඩ් ජෝන්සන් කොරෝනා වෛරස එන්නත භාවිතය සඳහා අනුමැතිය ලබා දී තිබේ.

මියන්මාර හමුදා පාලනයට එරෙහිව අන්තර් ජාතික සහය පැතූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මියන්මාර තානාපතිවරයා ධුරයෙන් ඉවත් කර තිබේ. මියන්මාරයේ පාලනය හොඹවන හමුදාපාලකයන් කියා සිටියේ, තමන්ට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන්, ඔහු ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

අමෙරිකාවෙන් ඊයේ වාර්තා වූ කොරෝනා නව ආසාදිතයන් සංඛ්‍යාව 80,000 ඉක්මවා ගොස් ඇත.

ගෝලීය එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක පසුබිමක වුවද කොරෝනා තර්ජනය පාලනය කර ගැනීමට බ්‍රසීලය අසමත් වී තිබේ.

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ගේ ඝාතනය සෞදියේ කිරුළ හිමි සල්මාන් කුමරුගේ සෘජු අනුමැතිය යටතේ සිදුව ඇතැයි අමෙරිකානු බුද්ධි වාර්තාවකින් හෙළිදරව් කර තිබේ.

අමෙරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් සිරියාවේ සිටින ඉරානයේ සහය ලබන කැරළිකරුවන් 17 දෙනෙකු මියගොස් තිබේ.

අද වනවිට ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව ලක්‍ෂ 25 සීමාව ඉක්මවා ගොස් තිබේ.

චීනයේ ජාතික දරිද්‍රතාවය පිටුදැකීමේ සාරාංශ හා ප්‍රශංසා සම්මන්ත්‍රණය බෙයිජිං නුවරදී අද (25) පැවැත්විණ.

කොරෝනා වෛරසය සඳහා ජැන්සන්‌ සමාගමේ ජොන්සන්‌ ඇන්ඩි ජොන්සන්‌ එන්නත එලදායී හා ආරක්‍ෂික එකක්‌ බවට අමෙරිකානු ඖෂධ නියාමකයින්‌ ප්‍රකාශ කර තිබෙනවා.

අද වන විට ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එකළොස්කෝටි විසි හය ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ‍ටෘඩෝ අතර පළමු ද්විපාර්ශවික සාකච්ජාව ඊයේ පැවැත්විණ.

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ වේගයෙන් පැතිර යන නව කොරෝනා වෛරස ප්‍රභේදය හේතුවෙන් එම ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා තිබේ.

සුප්‍රසිද්ධ අමෙරිකානු ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් හීදි රිය අනතුරකට ලක්ව තිබේ.

කොරෝනා ව්‍යාප්තිය මධ්‍යයේ ජර්මනියේ පාසල් අදියර කිහිපයක් යටතේ යළි විවෘත කිරීම ඊයේ දිනයේ ආරම්භ කෙරුණා.

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ එල් චාපෝ ගේ බිරිඳ අමෙරිකානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අගහරු ග්‍රහයා මතට ගොඩබස්වනු ලැබූ පර්සිවේරන්ස් රෝවරය,රතු ග්‍රහයා මතට ගොඩබසින අවස්ථාවේ දර්ශන නාසා ආයතනය විසින් නිකුත් කර තිබේ.

තවත් සීඝ්‍රයෙන් පැතිර යා හැකි මාරාන්තික දෙමුහුන් කොවිඩ් ප්‍රභේදයක් අමෙරිකාවෙන් හමුවි තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Latest News