ත⁣ලෙයිමන්නාරම් මාර්ගයේ දුම්රිය ගමන් අරඹයි

නොවැ 12, 2024
    අද (12) සිට ත⁣ලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීම සඳහා කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

    මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්යාපෘතිය හේතුවෙන් දැනට තාවකාලිකව නවතා තිබූ ත⁣ලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය මෙලෙස ආරම්භ කිරීමට කටයුතු සැලසුම්කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    ඒ අනුව කොළඹ කොටුව සහ තලේමන්නාරම අතර අද (12) සිට පහත පරිදි දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
     
    කොළඹ කොටුවෙන් පිටත්වීම ප.ව.16.15 – ත⁣ලෙයිමන්නාරමට ළඟාවීම ප.ව.22 15 (2024.11.12 දින සිට)
     
    ත⁣ලෙයිමන්නාරම පිටවීම පෙ.ව. 04.15 – කොළඹ කොටුව ළඟාවීම පෙ.ව.10.15 (2024.11.13 දින සිට)

    Latest News