බෝම්බ බියක්?

නොවැ 23, 2024
    ලන්ඩන් නුවර ගැට්වික් ජාත්ය­න්තර ගුව­න්තො­ටු­පොළේ හදිසි ආර­ක්ෂක තත්ත්ව­යක් උද්ගත වී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කළා.

    සසෙක්ස් ප්රාන්ත පොලීසිය ප්රකාශ කර ඇත්තේ ගුව­න්තො­ටු­පො­ළට පැමිණි මගි­යකු සතු ගමන් මල්ල­කින් සැක කට­යුතු තහ­නම් භාණ්ඩ­යක් සොයා ගැනී­මෙන් පසු එම තත්ත්වය ඇති වූ බවයි.

    එම සැක කට­යුතු භාණ්ඩය යම්කිසි පුපු­රන ද්රව්ය­යක් බවට සැක පහළවීම හේතු­වෙන් ගුව­න්තො­ටු­පොළේ දකුණු පර්ය­න්තයේ සියලු මගීන් ඉවත් කිරී­මට ආර­ක්ෂක අංශ පිය­වර ගෙන තිබුණා.
     
    බෝම්බ නිෂ්ක්රිය අංශය කැඳ­වී­මට ද සිදුවූ බවයි විදෙස් මාධ්ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේ.
     
    ගුව­න්තො­ටු­පොළේ දකුණු පර්ය­න්තයේ මගීන් ඉවත් කිරී­මට පිය­වර ගනු ලැබු­වද, එහි සෙසු පර්යන්තවල මෙහෙ­යුම් බාධා­ව­කින් තොරව සිදුවූ බවත් දකුණු පර්ය­න්තය භාවිත කරන බ්රිතාන්ය ගුවන් සමා­ගම ඇතුළු දෙස් විදෙස් ගුවන් සමා­ගම් කිහි­ප­යක ගුවන් මෙහෙ­යු­ම්ව­ලට පම­ණක් බාධා සිදුවූ බවත් වාර්තා වනවා.
     
    දකුණු පර්ය­න්තය කරා ධාව­නය වන දුම්රිය සේවාව ද තාව­කා­ලි­කව අත්හි­ටු­වී­මට බල­ධා­රින් පිය­වර ගෙන තිබුණා.

    Latest News