ඉන්දියාවේ දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව සෙසු දිනවලට වඩා අඩුවක්...

මැයි 19, 2021

    ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 4529ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    එය මෑත කාලයේ එරටින් වාර්තා වූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාවයි. කෙසේ වෙතත් ඉන්දියාවේ දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව සෙසු දිනවලට වඩා අඩුවක් පෙන්නුම් කෙරේ. ගතවූ පැය 24 තුළ එරටින් නව කොරෝනා ආසාදිතයන් දෙලක්‍ෂ 67,000ක් වාර්තා විය.

    නවදිල්ලි හා මුම්බායි නගරවල ආසාදිතයන් සංඛ්‍යාවේ අඩුවක් පෙන්නුම් කරද්දී, ග්‍රාමීය ප්‍රදේශ හා ප්‍රාන්ත කිහිපයක ආසාදිත සංඛ්‍යාව ඉහළ යමින් පවතී. පකිස්තානයට මායිම්වී ඇති පංජාබ් ප්‍රාන්තයේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 7,000 ඉක්මවා ඇති අතර, වාර්තා වන මරණ සංඛ්‍යාව 230ක්.

    පංජාබය මින් පෙර කොවිඩ් ආසාදනයට ප්‍රබල ලක් නොවූ ප්‍රාන්තයක්. එහි රෝහල් සඳහා ඔක්සිජන් හිඟයක් පවතින අතර, අසල්වැසි පකිස්තානයෙන් ඔක්සිජන් ලබාගැනීමට ප්‍රාන්ත බලධාරීන් කළ ඉල්ලීම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබූ බව වාර්තාවේ.

    Latest News