නෝර්වේ රාජ්‍යයේ කොරෝනා මර්දන එන්නත් ලබා දුන් පුද්ගලයින් 23 දෙනෙක් මියගොස් ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ ප‍්‍රාන්ත පනහේම ආරක්ෂාව තරකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිනිසා විසින් සිතුවම් කරන ලද මෙතෙක් හමුවී ඇති පැරණිතම ගල්ගුහා සත්ව චිත්‍රය ඉන්දුනීසියාවෙන් සොයා ගෙන තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනාව සම්බන්ධයෙන් රිපබ්ලිකන් පක්ෂයේ මතභේද හටගෙන තිබේ.

අමෙරිකාවේ 92,000ක් ජනයා ඉදිරි සති 3 තුළ කොවිඩ්-19 රෝගයෙන් මියයා හැකි බවට අනාවැකි පළ වී තිබේ.

වසර 2019 නොවැම්බර් මාසයේ දී ඉතාලියේ කාන්තාවකට නව කොරොනා වෛරසය ආසාදනයවී තිබූ බව ඉතාලියේ repubblica පුවත්ප‍තේ වෙබ් අඩවිය වාර්තා කරයි.

යූ ටියුබ් සමාගම විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ යූ ටියුබ් චැනලය අවහිර කර තිබෙනවා.

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයේ දැඩි බලපෑම් එල්ල වූ බ්‍රිතාන්‍යයේ ඉකුත් පැය 24 තුල අලුතින් ආසාදිතයින් 45,533 දෙනෙක් හඳුනාගෙන ඇති අතර එම කාලසීමාව තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,243ක්.

සමස්ත ලෝකයේම අවධානයට පාත්‍ර වූ අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ මාරාන්තික කෝලහලයට පෙර ජනතාව අමතා තමා සිදුකළ ප්‍රකාශයන් මුළුමණින්ම උචිත බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඉන්දියාවේ ප්‍රාන්ත නවයක් පුරා මේ වනවිට කුරුළු උණ රෝගය ව්‍යාප්තවී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.

ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂ කණ්ඩායම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග යෝජනා කෙටුම්පත ඊයේ(11) නිල වශයෙන් ඉදිරිපත් කර තිබේ.

වඩා බලවත් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය ආරම්භ කිරීමට කාලය එළඹ ඇති බව උතුරු කොරියා නායකයා සදහන් කරනවා.

පසුගියදා අමෙරිකාවේ සිදුවු ආකාරයේ කලහකාරී සිදුවීමක් නව ජනාධිපති ‍ජෝ බයිඩන් දිවුරුම් දෙන දිනයේ සිදුවිය හැකි බවට එෆ්බීඅයි ආයතනය අනතුරු අඟවයි.

බ්‍රිතාන්‍ය තුළ වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ මරණ 88 දහස ඉක්මවා ගොස් තිබේ. පසුගිය පැය 48 තුළ පමණක් වෛරසය හේතුවෙන් පුද්ගලයින් 1,598 දෙනෙක් මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

අමෙරිකා රජයට එරෙහිව ප්‍රචණ්ඩත්වයක් ඇතිකිරීම සම්බන්ධයෙන්,ජනාධිපති ට්‍රම්ප්ට විරුද්ධව දෝශාභියෝගයක් ගෙන ඒමේ සූදානමක් පවතියි.

පසුගිය සෙනසුරාදා ඉන්දුනීසියාවේ දී අනතුරට පත් බොයිං 737 වර්ගයට අයත් යානයේ තොරතුරු සටහන් කළු පෙට්ටි දෙක ඇති ස්ථාන සොයාගෙන තිබේ.

ගෝලීය ආසාදිතයින්ගේ සංඛ්‍යාව මෙන්ම කොරෝන මරණ සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතියි. අද වන විට කොරෝනා මරණ ලක්ෂ තුන ඉක්මවූ එක් රටක්, ලක්ෂ දෙක ඉක්මවූ රටවල් 2ක් සහ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ රටවල් 4ක් වාර්තා වී තිබේ.

කොරෝනා වයිරස ආසාදන පැතිරීම වැළැක්වීම සඳහා ජපානයේ අගනුවර වන ටෝකියෝ සහ අසල්වැසි ප්‍රාන්ත තුනක මාසයක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

චීන මහ බැංකුවේ හිටපු ප‍්‍රධානී ලැයි ශි ඕමින්ට එරට අධිකරණයක් මගින් මරණ දඩුවම නියම කර තිබෙනවා.

අමෙරිකාවේ සෙනෙට් සභාව පිහිටි කැපිටල් හිල් ගොඩනැගිල්ලට පහර දීමේදී සිද්ධියෙන් පුද්ගලයින් 4ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Latest News