රෝවර් යානය ලබාගත් ඡායාරූප පෘතුවියට

මැයි 20, 2021

    චීනය සාර්ථක ලෙස අගහරු ග්‍රහයාගේ පෘෂ්ඨය මතට ගොඩ බැස්සවූ රෝවර් යානය මගින් ලබාගත් ඡායාරූප පෘතුවියට ලබාගැනීමට චීන අභ්‍යවකාශ විද්‍යාඥයින් සමත් වී තිබේ.

    රෝවරය මගින් බාධක මගහරවා ගැනීමේ කැමරාවෙන් ලබාගත් කළු සුදු ජායාරූපයක් ද රෝවරයේ පිටුපස ඇති කැමරාවකින් ලබාගත් වර්ණ ඡායාරූප ද ඊට අයත්. රෝවරය මගින් අඟහරු ග්‍රහයා තුළ ඇති පස් හා වාතය පිළිබඳව ද පර්යේෂණ සිදු කෙරේ.

    අමෙරිකානු අභ්‍යවකාශ වැඩපිළිවෙළ යටතේ දැනට අඟහරු ග්‍රහයා වෙත යවා ඇති රෝවරය මගින් මීට පෙර ඡායාරූප ගෙන්වා ගැනීමට සමත් වී තිබිණ. නමුත් චීනය ඊයේ ඡායාරූප ගෙන්වා ගැනීමට සමත්වීමත් සමග අගහරු ග්‍රහයාගේ පෘෂ්ඨය තුළ සිට පැහැදිළි ඡායාරූප ගැනීමට හැකිවී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 මැයි 2021 10:59

    Latest News