ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය 50%කින් වර්ධනය වෙලා

මැයි 20, 2021

    ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල කොරෝනා ව්‍යාප්තිය 50%කින් වර්ධනය වී තිබේ.

    වැඩිම හානියක් පවතින මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අමරාවතී දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන්ගේ වර්ධනය 80%කට අධිකයි. ඉන්දියාවේ ගම්බද ප්‍රදේශවල කොරෝනා ව්‍යාප්තිය සමඟ වසංගතයට බහුල ලෙස ගොදුරු වී ඇත්තේ තරුණ පිරිසයි. නාගරික ප්‍රදේශවල රෝග තර්ජනය ක්‍රමයෙන් අඩුවන ලකුණු දක්නට ලැබේ.

    එහෙත් මරණ සංඛ්‍යාව තවමත් පවතින්නේ ඉහළ මට්ටමකයි. නවදිල්ලි අගනුවර කිසිවකු බාරගැනීමට ඉදිරිපත් නොවන මළ සිරුරු ගොඩ ගැසෙමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

    එම සිරුරු ආදාහනයට ස්වේච්ජා සේවකයන් යොදවා ඇති බව වාර්තාවේ. අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි මළ සිරුරු රැසක් ඉන්දියාවේ ප්‍රධාන වෙළෙඳ කේන්ද්‍රය වන මුම්බායි නගරය ආශ්‍රිත රෝහල්වල ද පවතී.

    ඉන්දියාවේ දෛනිකව වැඩිම ආසාදිතයින් හා මරණ වාර්තා වන්නේ ද එම නගරයෙන්.

    Latest News