11 හැවිරිදි දියණියගේ සිරුර ආදාහනයට කර තබාගෙන යන පියෙක්....

මැයි 17, 2021

    ඉන්දියාවේ කොරෝනා අවදානම දිනෙන් දින ඉහළ යමින් පවතී. එරටින් වාර්තා වන සංවේදී පුවත්වල ද අඩුවක් නැහැ.


    කොවිඩ් රෝගය වැළඳී මියගිය සිය 11 හැවිරිදි දියණියගේ සිරුර ආදාහනය කිරීම සඳහා රැගෙන යාමට රථයක් ලබා ගැනීමට වත්කමක් නොමැති පියෙකු ඇයගේ සිරුර කර තබාගෙන යන පුවතක් පසුගියදා සමාජ මාධ්‍යවල පළවිය.

    ඉන්දියාවේ මේ වනවිට කොරෝනා වෛරසය අවදානමට අමතරව දැඩි ආර්ථික ගැටලු ද මතුව තිබේ. ඉන්දියාවේ කොරෝනා සමස්ත ආසාදිත සංඛ්‍යාව දෙකෝටි 49 ලක්‍ෂය දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව දෙලක්‍ෂ 74,000කට අධිකයි.

    Latest News