මාලි ජනපති 'බා දාව්' නිදහස් කරන්නැයි ඉල්ලීමක්

මැයි 25, 2021

    මාලි රාජ්‍යයේ ජනාධිපති බා දාව් වහාම නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටියි.

    ජනාධිපතිවරයා එරට හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවට පළ වී ඇති වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම නිවේදනය නිකුත් කර තිබේ.

    මාලි රාජ්‍යයේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා බමාකෝ අගනුවර ආසන්නයේ පිහිටි හමුදා කඳවුරක් වෙත රැගෙන ගිය බවටයි, වාර්තා පළ වී ඇත්තේ.

    එම වාර්තාවත් සමග එරට වසරක් ඇතුළත දෙවැනි හමුදා කුමන්ත්‍රණය සිදු වීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ, මාලි රාජ්‍යයේ කැබිනට් සංශෝධනයක් සිදුකර පැය කිහිපයකදී.
    ඉකුත් වසරේ හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ වූ හමුදා නිලධාරීන් දෙදෙනෙක් ධුරවලින් ඉවත් කිරීමත් සමග මෙය සිදු වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on අඟහරුවාදා, 25 මැයි 2021 12:03

    Latest News