ගෝලීය කොවිඩ් මරණ ගණනය කර ඇති සංඛ්‍යාවට වඩා ඉහළ අගයක්

මැයි 22, 2021

    කොවිඩ්-19 රෝගයෙන් ගෝලීය වශයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව ගණනය කර ඇති සංඛ්‍යාවට වඩා බොහෝ සෙයින් වැඩි බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    මේ වනවිට එය මිලියන 3.4 ලෙස නිල වශයෙන් ප්‍රකාශ වී තිබුණ එය මිලියන 6ත්,8ත් අතර විය හැකි බව, ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. බොහෝ රටවල සෘජුව හෝ වක්‍රව ගණන් බලා ඇති සංඛ්‍යා ලේඛනවල අඩුපාඩු පවතින බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

    පසුගිය වසරේ අවම වශයෙන් මිලියන 3කට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් කොවිඩ් රෝගයෙන් මියගොස් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වූ අගයට වඩා මිලියන 1.2කින් වැඩි බව ද, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

    Last modified on සෙනසුරාදා, 22 මැයි 2021 12:03

    Latest News