ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 69 ලක්‍ෂය ඉක්මවයි

මැයි 17, 2021

    ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 69 ලක්‍ෂය ඉක්මවා ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලය කළ සමීක්‍ෂණයකින් හෙළි වී තිබේ.

    එම සමීක්‍ෂණයෙන් පෙන්වා දී ඇත්තේ, කොරෝනා ගෝලීය සමස්ත මරණ ගණන දැනට වාර්තා වන සංඛ්‍යාවට වටා දෙගුණයක් විය හැකි බවයි. ලොව කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව එම රටවල රෝග ව්‍යාප්තියේ ප්‍රබලත්වය පිළිබඳ දත්ත සලකා බලමින් වොෂින්ටන් විශ්වවිද්‍යාලය අධ්‍යයනය කර තිබේ.

    එහිදී හෙළි වී ඇත්තේ ඇතැම් රටවල් නිසි පරිදි කොරෝනා මරණ වාර්තා නොකරන බවයි. ඉන්දියාව ද කොරෝනා මරණ නිසි ලෙස වාර්තා නොකිරීම සෞඛ්‍ය බලධාරින්ගේ දෝෂාරෝපණයට ලක්ව තිබේ.

    Latest News