හෙට සිට ඉතාලියේ මිලාන් නගරය, ලෝම්බාඩ් ඇතුළු ප්‍රදේශ රැසක් මෙන්ම රෝමය අවට ප්‍රදේශ රැසක් ද රතු කලාප ලෙස නම් කෙරෙන බව, එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මියන්මාරයේ බලය ලබාගත් හමුදා පාලනයට එරෙහිව විරෝධතාවල නියුතු පුද්ගලයන්ට වෙඩි තැබීමේ සිද්ධීන් රැසක් ඊයේ වාර්තා විය.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර, හීරත් ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 7ක් මියගොස් තිබේ.

ලෝකයේ පැරණිතම පරිගණකය ලෙස සැලකෙන අවුරුදු 2000ක් පැරණි උපාංගයක් විද්‍යාඥයින් විසින් ප්‍රති නිර්මාණය කරනු ලැබ තිබේ.

ඊයේ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තාවිය.

අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය යන රටවල නායකයින් 2022 වසර වනවිට කොරෝනා එන්නත් මාත්‍රා බිලියනයක් ආසියාතික රටවල් සඳහා ලබාදීමට එකඟ වී තිබේ. 

ඉන්දියාවේ නාග්පූර් නගරය සම්පුර්ණයෙන්ම වසා දැමීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ.

ජුලි 4 වැනිදාට යෙදෙන නිදහස් දිනය වනවිට කොරෝනා වසංගතයෙන් තම රටට නිදහස් විය හැකි වෙතැයි, බලාපොරොත්තු වන බව, අමෙරිකාවේ ජනාධිපති ජේ බයිඩන් සඳහන් කරයි.

චීනය අභ්‍යාවකාශ පරිසර අධීක්ෂණය සඳහා අද සාර්ථකව චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට කටයුතු කර තිබේ.

මියන්මාරයේ හමුදා පාලනය මේ වනවිට 70 දෙදෙනෙකුට අධික සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ජපානයේ ෆුකුෂිමාහි සුනාමි සහ න්‍යෂ්ටික ව්‍යසනය සිදුවී අදට වසර 10ක් සපිරේ.

බ්‍රිතාන්‍යයේ ඉකුත් වසරේ මුල් වරට අනාවරණය වූ කොරෝනා වෛරස ප්‍රභේදය,ඊට පෙර හඳුනා ගැනුණු වෛරසයට වඩා මාරාන්තික බව, නව වාර්තා පෙන්වා දෙයි.

අමෙරිකාවේ ආර්ථිකය නැංවීමේ විශාලතම පියවරක් ලෙස ඩොලර් මිලියන 1.9ක සහන පනත් කෙටුම්පතක් සම්මත වී තිබේ.

සසෙක්ස්හි ආදිපාද හැරී කුමරු හා ඔහුගේ බිරිඳ වන මේගන් මාර්කල් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කර තිබේ.

ලොව ධනවත් රටවල් සෑම තත්පරයකටම එක් පුද්ගලයෙක්ට කොරෝනා වෛරස එන්නත ලබා දෙන අතර දුප්පත්ම ජාතීන්ගෙන් බහුතරයක් තවමත් එන්නතෙහි එකඳු මාත්‍රාවක් හෝ ලබා ගෙන නොමැති බව මහජන එන්නත් සන්ධානය පවසයි.

චීනය ජාත්‍යන්තර සංචාර සඳහා විශේෂ වෛරස ගමන් බලපත්‍රයක් හඳුන්වා දී තිබේ.

ජපානයේ පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් උළෙල සඳහා විදේශීය ප්‍රේක්ෂකයන්ට සහභාගී වීම තහනම් කර තිබේ.

තම රටේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීමෙන් වැළකී සිටින ලෙස ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජය, ඉදිරිපත් කළ නව ගොවි නීති විවේචනය කිරීම සම්බන්ධයෙක් කරුණු දැක්වීම සදහා ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ඉන්දීය විදේශ අමාත්‍යාංශය වෙත කැඳවීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

චීන 14 වන පස් අවුරුදු සැලැස්ම වෙනුවෙන් සුළු ජාතික ප්‍රදේශවල නියෝජිතයෝ සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරති.

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වාට එරෙහි දූෂණ සහ අපරාධ චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කර තිබේ.

Latest News