2024 අ.පො.ස. උසස් පෙළ විභාගය හෙට සිට දෙසැම්බර් 20 දක්වා දිවයිනපුරා මධ්‍යස්ථාන 2,312 කදී පැවැත්වෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසන්නේ, විභාගය සඳහා මේ වන විට සියල්ල සූදානම් බවයි.
මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසුන් තුන්ලක්ෂ තිස්තුන්දහස් එකසිය අසූපස් දෙනෙකු පෙනී සිටිනවා. පාසල් අයදුම්කරුවන්, දෙලක්ෂ පනස්තුන්දහස් තුන්සිය අනූ දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795 දෙනෙකු ඊට ඇතුළත්.
උතුරු පළාතේ දූපත් දෙකක ද විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි. විභාග කටයුතු වෙනුවෙන් 25,000ක කාර්ය මණ්ඩලයක් යොදවනු ලැබ සිටිනවා.