ඇමෙරිකාව ලබාදුන් දිග දුර මිසයිල යොදා ගනිමින් යුක්රේනය රුසියාවට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුක්රේනයට මායිම්ව පිහිටි රුසියානු බ්රියැස්න්ක් කලාපයටයි.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, යුක්රේනය බ්රියැස්න්ක් කලාපයට දිග දුර මිසයිල 6 පමණ එල්ල කර ඇති බවයි.
ඉන් 5ක් පමණ සිය ගුවන් ආරක්ෂක පද්දති මගින් බිම හෙලූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.
යුක්රේනයයේ මෙම දිග දුර මිසයිල ප්‍රහාරය ඇමෙරිකාව තහවුරු කර තිබෙනවා.
යුක්රේනය මිසයිල 8 එල්ල කර ඇති බවත් ඉන් මිසයිල දෙකක් පමණක් රුසියානු ගුවන් ආරක්ෂක පද්දති මගින් බිම හෙලා ඇති බවත් ඇමෙරිකානු ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බී බී සී මාධ්‍යට පවසා තිබෙනවා.
මේ අතර, රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් පවසන්නේ, රුසියානු යුක්රේන ගැටුම උත්සන්න කිරීමට වොෂින්ටනය උත්සහ දරන බවයි.
බ්‍රසීලයේ ජී 20 සමුළුවට සහභාගී වී සිටින රුසියානු විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ඇටෑකම්ස් නමැති දිග දුර මිසයිල ක්‍රියා කරවන්නේ ඇමරිකානු හමුදා විශේෂඥයින් බවයි.
මෙය රුසියාවට එරෙහි, බටහිර රාජ්‍යවල නවතම ක්‍රියාමාර්ගයක් බවත් ඊට නිසි ප්‍රතිචාර දක්වන බවත් රුසියානු විදේශ අමාත්‍යවරයා කියා සිටියා.