නිව් ජර්සි මුහුදු තිරය ආසන්නයේ පිහිටි හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ට්‍රම්ප් ප්ලාසා සහ කැසිනෝ ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් කඩා ඉවත් කර ඇත.

COVID - 19 ට එරෙහිව “ගෝලීය එන්නත් සැලැස්මක්” සකස් කිරීම සඳහා හදිසි කාර්ය සාධක බලකායක් පිහිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා G - 20 කණ්ඩායමට යෝජනා කරයි.

ඇමරිකානු ජනාධිපතිවරයා සහ ඊශ‍්‍රායල අගමැතිවරයා අතර දුරකථන සාකච්ජාවක් පැවැත්වෙයි.

වසර 12 කට පසු ග්‍රීසියට අධික හිමපතනයක් ඇති වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් එංගලන්තයේ පිලිප් කුමරු රෝහල් ගත කළ බව බකිංහැම් මාළිගාවේ ප්‍රකාශකයෙක් පැවසූූ බව, එංගලන්තයේ ගාර්ඩියන් පුවත් පත වාර්තා කරයි.

කොරෝනා වෛරසය හේතුවෙන් අද වන විට 24 ලක්ෂ 40,000කට වැඩි පුද්ගලයන් සංඛ්‍යාවක් ගෝලීය වශයෙන් මියගොස් තිබේ. දෛනිකව සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව පහත වැටී ඇතත් ගතවූ පැය 24 තුළ දී ගෝලීය වශයෙන් 11,000කට වැඩි පුද්ගලයන් සංඛ්‍යාවක් වෛරසයෙන් මිය ගියේය.

අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ෆිලඩෙල්ෆියානි සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 8 දෙනෙක්ට බරපතල තුවාල සිදුව තිබේ. උමං දුම්රිය ස්ථානයක් තුළ දී එල්ල කළ මෙම ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙක් අසාධ්‍ය තත්වයේ පසු වන බවයි වාර්තා වන්නේ.

ගෙවුණු පෙබරවාරි 14දා දක්වා වූ සතියේ ගෝලීය කොවිඩ් - 19 වෛරසය ආසාදිතයන් 16%කින් අඩු වූ බව, ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (16) නිකුත් කල නිවේදනයක දැක්වෙනවා.

ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද විධාරණය වී තිබේ. ලොව වඩාත් සක්‍රීයතම ගිනි කන්දක් ලෙස සැලකෙන මෙහි විධාරණයක් සිදු වුවද, අවට ජනතාවට කිසිඳු අනතුරක් සිදුව නොමැත.

බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරසයේ තවත් විකෘති වූ ප්‍රභේදයක් හඳුනා ගෙන තිබේ.

නයිජීරියානු ආර්ථික විද්‍යාඥ Ngozi Okonjo - Iweala මහත්මිය ලෝක වෙළඳ සංවිධානයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පත් වෙයි.

ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට දස කෝටි අනූ හය ලක්ෂය ඉක්මවා තිබේ.

මියන්මාරයේ හමුදා පාලනය එරට දෙවැනි දිනටත් අන්තර්ජාල සම්බන්ධතා අත්හිටුවා තිබේ. ඒ දිනෙන් දින ඉහළ යන උද්ඝෝෂණ රැල්ල පාලනය කිරීමේ අරමුණින්. මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් මේ දිනවල පැවැත්වෙයි. 

ඉබෝලා වෛරසයෙන් මියයන පිරිස මේ වන විට ඉහළ යමින් පවතින බව වාර්තා වෙයි. ගිනියා රාජ්‍යයේ දැනට මෙම රෝගය වැළඳීමෙන් රෝගීන් සිව් දෙනෙක් මියගොස් තිබේ. මේ වන විට බටහිර අප්‍රිකානු කලාපයේ ඉබෝලා වෛරසය පැතිර යාමේ අවදානමක් ඇතැයි, බලධාරීන් පවසයි.

බටහිර අප්‍රිකාවේ ඉබෝලා වෛරසය ‍හේතුවෙන් සිව් දෙනෙකු මියගොස් තිබේ.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් ජයග්‍රහණය කර තිබේ.

මධ්‍යම ආසියාවේ තජිකිස්ථානයේ රික්ටර් පරිමාණයේ 6.3ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී තිබේ.

ජපානයේ ෆුකුෂිමා වෙරළ තීරයේ ඊයේ ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබේ.

දෝෂාභියෝගයෙන් හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු කිරීමට ඡන්දය නොදෙන බව, රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභිකයන් ප්‍රකාශ කරයි.

අමෙරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, බ්‍රිතාන්‍යය හා මෙක්සිකෝව යන රටවලින් වැඩිම කොරෝනා මරණ වාර්තාවේ.

Latest News