තවද නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට වසා දැමුණු සවුදි අරාබිය අද යළිත් විවෘත කෙරිණ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා බ්‍රිතාන්‍යයේ දිනක් තුල වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ දිනය ලෙස ඊයේ සටහන් වී තිබේ.

බටහිර අප්‍රිකාවේ රාජ්‍යයක් වන නයජර්හි ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් 79ක් මියගොස් තිබේ.

කොරෝනා වයිරසය ගෝලීය වසංගතය පාලනය කිරීම සදහා ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත හදිසි භාවිතය සදහා අනුමත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කළා.

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමේ දැවැන්ත පෙරහුරැවක් අද ඉන්දියාවේ සියලු ප්‍රාන්ත ආවරණය වන පරිදි පැවැත්වේ.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ නව බ්‍රෙක්සිට් එකඟතාවට ඊයේ එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා.

ෆයිසර් - බයෝඑන්ටෙක් කොවිඞ් මර්දන එන්නත හදිසි භාවිතය සඳහා සුදුසු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලැයිස්තුගත කර තිබෙනවා.

ලොව රටවල් රැසක් නව වසර උදාව ඇති උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය.

ඔස්ට්‍රේලියාව, සිය ජාතික ගීය වෙනස් කර තිබේ. එහි එක් පේලියක වෙනසක් සිදු කරන බවයි,අගමැති බොරිස් ජොන්සන් අද සඳහන් කළේ.

ගෝලීය කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද වන විට අට කෝටි 38 ලක්ෂය දක්වා ඉහළ ගොස් තිබේ.

චීන ජනාධිපති ෂි ජින් පිං මහතා වසර 2021 නව වසර වෙනුවෙන් අලුත් අවුරුදු සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරයි.

චීනය ස්වයං ලෙස සංවර්ධනය කළ සිය ප්‍රථම කොවිඩ් - 19ට එරෙහි එන්නත කොන්දේසි සහිතව භාවිත කිරීම අනුමත කරයි.

ජාත්‍යන්තර සම්මානයට සහ කීර්තියට පත් වූ පළමු චීන ජාතික කෘතහස්ත පියානෝ වාදන ශිල්පී ෆොව් ට්සොන්ග් කොවිඩ් 19 ආසාදනය වී ජීවිතයෙන් සමු ගත්තේය.

බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය අතර මෙතෙක් පැවති වෙළෙඳ සම්මුතිය නීත්‍යානුකූලව නිමාවට පත්ව තිබේ.

යේමනයේ ඒඩන් ගුවන්තොටුපොළ වෙත ඊයේ එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් විසි දෙදෙනෙක් මිය‍ගොස් තිබේ.

අමෙරිකාව ඩොලර් මිලියන 290ක වටිනාකමින් යුත් බෝම්බ 3,000ක් සෞදි අරාබියට ලබාදීමට අනුමැතිය පළකර තිබේ. එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

අසල්වැසි ඉන්දියාවේ සහ පකිස්ථානයේ ද කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය හඳුනාගෙන ඇත.

අමෙරිකානු නව උප ජනාධිපති ලෙස තේරීපත් කමලා හැරිස් ඊයේ කොරෝනා වෛරසයට එරෙහි එන්නත ලබා ගෙන තිබේ.

බ්‍රිතාන්‍යයෙන් මුල්වරට ද සොයාගත් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය පළමු වරට අමෙරිකාවෙන් ද හඳුනාගෙන තිබේ.

මධ්‍යම ක්‍රොඒෂියවේ ඇති වූ භූකම්පනයකින් පුද්ගලයින් 7 දෙනෙක් මියගොස් තිබේ. භූමිකම්පාවේ ප්‍රභලත්වය රිච්ටර් පරිමාණ ඒකක 6.4ක් ලෙස සටහන් විය.

Latest News