මැලේසියාවේ දුම්රිය අනතුරකින් 200කට තුවාල

මැයි 25, 2021

    මැලේසියාවේ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 200 දෙනෙක් තුවාල ලබා තිබේ. ක්වාලාලම්පූර් අගනුවර උමං දුම්රිය මාර්ගයක් අසළ දී අනතුර ඊයේ රාත්‍රී සිදුවිය.

    පුද්ගලයින් 213ක් රැගත් දුම්රියක් මගීන් රහිත දුම්රියක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ. මගීන් රහිත දුම්රිය අළුත්වැඩියාවකින් අනතුරුව රැගෙන එමින් තිබු එකක් බව හඳුනාගෙන තිබේ.

    තුවාල ලැබූවන්ගෙන් 47 දෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

    අනතුර පිළිබඳ පරීක්ෂණයක් ද මැලේසියානු රජය ආරම්භ කර තිබේ. මැලේසියානු මෙට්‍රෝ දුම්රිය මාර්ගයේ අරම්භයේ සිට මේ දක්වා වසර 23ක කාලය තුළ සිදුවූ බරපතලම දුම්රිය අනතුර මෙය බවයි මැලේසියානු ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 25 මැයි 2021 11:54

    Latest News