ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්‍ෂ තුන ඉක්මවයි

මැයි 24, 2021

    ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව අද ලක්‍ෂ තුන ඉක්මවා තිබේ.

    මේ අතර, දැනට ව්‍යාප්ත වන කලු දිලීර වසංගතය ගැන ද එරට සෞඛ්‍ය අංශවල දැඩි අවධානය යොමු වී තිබේ. ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ගණන ක්‍රමයෙන් අඩුවන ලකුණු පෙන්නුම් කළ ද, ප්‍රාන්ත කිහිපයක ආසාදිතයින් වැඩිවන ලකුණු දක්නට ලැබේ. තමිල්නාඩු ප්‍රාන්තයේ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ප්‍රාන්ත බලධාරින් පවසයි.

    ඒ අනුව ගතවූ පැය 24 තුළ තමිල්නාඩුවෙන් ආසාදිතයින් 35,483 දෙනෙකු වාර්තා වේ. ඉන් 5169 දෙනෙකු වාර්තා වූයේ චෙන්නායි නගරයෙන්. එමෙන්ම, මරණ 422ක් ගතවූ පැය 24 තුළ වාර්තා වී තිබේ. මේ තත්වය සැලකිල්ලට ගෙන අද සිට මේ මස අවසානය දක්වා දැඩි සංචරණ සීමා හා වසා දැමීමේ නියෝග ක්‍රියාත්මක කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

    මේ අතර ඉන්දියාවේ ව්‍යාප්ත වන කොරෝනා වෛරස් ප්‍රභේදය, ඉන්දියානු ප්‍රභේදය ලෙස හැඳින්වීම නොකරන ලෙස එරට රජය සියලු මාධ්‍යවලට දැනුම් දී තිබේ.

    Last modified on සදුදා, 24 මැයි 2021 20:24

    Latest News